ඉස්ලාමීය දැක්මට අනුව ආගම් සහ මිනිස් ජීවිතය

මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිතයේ සුභසිද්ධිය වෙනුවෙන් අධිභෞතික උත්තරීතර බලවේගයක අවශ්‍යතාවයක් ඇති වේ. එම පරතරය සපුරාලීම සඳහා ලොවේ විවිධ තැන්වල විවිධ ආගම් බිහි වී තිබේ.

ආගම් පිළිබඳ විවිධ නිර්වචන තිබියද විශ්ලේෂණාත්මකව ඒවා සලකා බලනවිට, මිනිසාගේ භෞතික ජීවිතය නිසියාකාරව සකස් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම් සහා විශ්වාස හා ඇදහිලිවලින් සමන්විත අධ්‍යාත්මික ජීවිතය නිසියාකාරව සකස් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම්වල එකතුවක් බව කිව හැක.

සමහර ආගම් මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳව පමණක් සැලැකිල්ලට ගෙන ඇත. අධිභෞතික විශ්වාස සහ ඇදහීම් සමහරක් පමණක් එහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, සමාජීය වශයෙන් ඇතිවෙන ගැටුම්, ගැටුම් නිරාකරණය සහ අන්තර් ජාතික සබඳතා වැනි මිනිසාගේ පැවැත්මට මූලික වන විවිධ කරුණු කාරණා එහි අන්තර්ගත නොවේ.

ආගම් පිළිබඳ එම පසුතැවිල්ලකින් අද ලොව දිහා බැලුවාම යම් අමුතු දෙයක් අපට දැකගන්නට ලැබේ. ලෝවැසියන් අතර බලපවත්නා ආගම් වශයෙන් කිතුනු, ඉස්ලාම්, බෞද්ධ සහ හින්දු යන ආගම් මෙහි සඳහන් කළ හැක. නමුත් කිසිදු ආගමකට එල්ල නොවූ අමුතු චෝදනා සහ මඩ පහර ඉස්ලාම් ආගමට එරෙහිව දියත්කළ ඇත. එවැනි චෝදනා සහ මඩ පහර පිළිබඳ ඇත්ත සත්‍ය සොයා බැලීම ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙකුගේ වගකීමක් වේ.

අතිපූජ්‍ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත "සත්‍යෝදය" හෙවත් කෙටි ග්‍රන්ථය පිලිබඳ නිසි අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකු තමා අදහන ධර්මය වෙත යොමු විය යුතු ක්‍රමවේදය පිලිබඳව දැන සිටියි. එම කෙටි ග්‍රන්තය ආගමක් යන නමින් ප්‍රසිද්ධ වූ ප්‍රායෝගික නොවන ගතානුගතික සම්ප්‍රදාය සහ මිත්‍යාවෙන් අත්මිදී ස්වාධීනව නිදහසේ සිතීමේ සහ තේරීමේ අතිඋතුම් සමාජයක වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි.

උසස් අධ්‍යාපන හදාරන විට තුලනාත්මක ආගම් පිළිබඳ පාඨමාලාවක් මම සම්පූර්ණ කර ඇත්තෙමි. ඉස්ලාම් ආගම ඉගෙන ගත්තු වගේ ගැඹුරින් අනෙකුත් ආගම් පිළිබඳව ඉගෙන ගැනීමට නොහැකි විය. මගේ දැනුමට අනුව මුස්ලිම්වරයෙකු වන මම හිතෙන විදිහට ඉස්ලාමාය යන්නේ විශ්වාසයක් පමණක් නොවේ. ඇදහීමමක් පමණක් නොවේ. ඒ කියන්නේ සමාජීය විද්වතුන්ගේ අදහස්වලට අනුව විශ්වාසයක් හෝ ඇදහීමක් පමණක් නම් සමහරක් විට එය වැරැදි විය හැක. සමහරක් විට එය නිවැරදි විය හැක. තවත් සමහරක් විට එය මුළුමහත් සමාජයටම හානිකරන ලෙස භයානක විය හැක.

ඒ වගේම ඉස්ලාමය යන්නේ ආගමික සිද්ධස්ථාන ප්‍රධාන කොටගෙන පවත්වාගෙන යන වන්දනාමාන කටයුතු, පුදපූජා, ඉස් රූප, සංකේත, කතාන්තරවලින් සමන්විත ප්‍රස්තුතයක් හෝ සංස්කෘතියක් පමණක් නොවේ. නමුත් ඒවා ආගමෙහි කොටසක් යන්න නිසැක වේ.

මිනිස් ජීවිතයේ සුභසිද්ධියට ඉහත සඳහන් අධ්‍යාත්මික පද්ධතිය මූලික වන්නා සේම ආහාර, වස්ත්‍ර, නිවාස, ඖෂධ වැනි මිනාසාගේ මූලික අවශ්‍යතා සපුරන භෞතික පද්ධතිය ද වැදගත් වේ. උපත සිට විපත් දක්වා ඇති මිනිසාගේ පැවැත්මට භෞතික පද්ධතිය විශාල වශයෙන් දායක වේ. පුද්ගල ආධ්‍යාත්මික ජීවිතය හා පුද්ගල භෞතික ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ද ඔහු අදහන ආගම් ඔහුට මගපෙන්විය යුතුයි.

ඉහත සඳහන් මෙම මූලික සංකල්පයට හඬ දෙන ඉස්ලාමය එම ආගම් අදහන මුස්ලිම්වරයෙකු අධධ්‍යාත්මික හා භෞතික යන දෙපැත්තම සැලැකිල්ලට ගෙන මධ්‍යස්ථ මාවතක් අනුගමනය කළ යුතුයි කියා මගපෙන්වයි.

සමහර ආගම් පවසන සේ ආගමික විශ්වාස, ඇදහිලි හා ක්‍රියාකාරකම් අන්තර්ගත වූ අධ්‍යාත්මික පද්ධතිය පැහැදිලි කිරීම සඳහා පමණක් ශාස්තෘවරු පහළ වේ යන සංකල්පය මෙහි ප්‍රතික්ෂේප වේ. ලොව බිහිවූ සමහර ආගම් පැවැතගෙන යන්නේ මෙම සංකල්පය මතය. නමුත් ඉස්ලාමය මීට වඩා යම්කිසි ආකාරයක වෙනස්

ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ අරාබි අර්ධද්වීපයේ කාන්තාර නගරයක් වූ මක්කමෙහි ඉස්ලාමය ප්‍රචාරය වේ. ආගමික ශාස්තෘ වූ දේවදූත මුහම්මද් තමා වෙත පහළ වූ ධර්මය පිළිබඳව තම ජනතාවට අනුශාසනා කිරීමට ආරම්භ විය. පළමුවෙන්ම දේව විශ්වාස හා ඇදහිලි ඇතුළු අධ්‍යාත්මික පද්ධතිය ශක්තිමත් කිරීමට ගත් ප්‍රගතිය පිලිබඳව මෙහි අනිවාර්යෙන්ම අධ්‍යයනය කළ යුතුය. මදීනා නගරයේදී සිදුකල අතිමහත් විප්ලවයට ඔරොත්තු දෙන බලපෑම්කාරී සාධකය වූයේ එම ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය යන්න නිසැක වේ. නිර්භීතව හා නිහතමානීව ප්‍රශ්නවල මුහුණ දෙන අධ්‍යාත්මිකව ශක්තිමත් වූ සමාජයකින් තොරව සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සාර්ථක නොවේ යන මූලික සංකල්පය මෙයින් අපට පැහැදිලි වේ.

මක්කාවෙහි ජීවත් වීමට පවා නොහැකි තරමට ප්‍රශ්න ඇති වීම නිසා මදිනා වැසියන්ගේ උණුසුම් ආරාධනාව පිළිගෙන මදීනාවට සංක්‍රමණය වූ එම සමාජය මදීනා නුවර මුල් කොටගත් රාජ්‍යයක් ද බිහි කළෝය. එසේ බිහිකරන ලද ඉස්ලාමීය රාජ්‍යය පසුකාලීනව එවක ලොව බලවතුන් ලෙස ලෙස හැඳින්වූ රෝම සහ පර්සියානු අධිරාජ්‍යයන් පරාජයට පත් කරන අතිමහත් බලය ලත් අධිරාජ්‍යයක් බවට පත්ව තිබේ

මෙයින් අපට විශේෂ දෙයක් පැහැදිලි වේ. දේවදූත මුහම්මද් ආගමික ශාස්තෘවරයෙකු වශයෙන් පමණක් තොරව දේශපාලනික වශයෙන් ද තම නායකත්වය ලබා දෙන සිවිල් සමාජ නායකයෙකු වශයෙන් ද තමාගේ මගපෙන්වීම ලබා දී ඇත.

මක්කමෙහි සුළුතරව ජීවත් වන්නා විට සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව කෙබඳු විය යුතුද ? එවගේම මදිනාවට සංක්‍රමණය වීමෙන් පසුව බහුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව කෙබඳු විය යුතුද යන්න එම ඉතිහාසය නැවත වතාවක් කියවනවිට ඉතා පැහැදිලිව වටහාගත හැක.

මක්කාව තුළ ජීවත් වන්නා විට ඔවුන් කවදාවත් ඉස්ලාමිය අධිරාජ්‍යවාදය පිලිබඳව හෝ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව පිලිබඳව පරිකල්පන නොකළ අතර සමස්ථයක් හැටියට තම දේශයේ සංවර්ධනය සහ තම ජනතාවගේ සමෘද්ධිය උදෙසා ගතයුතු ප්‍රගතිය කුමක් විය යුතුද යන්න පිළිබඳව පරිකල්පන කර ඇත. මක්කමෙහි සුළුතරව ජීවත් වන්නා විට මුස්ලිම් නොවන බහුතර ප්‍රජාව සමග එකට එක්ව අත්වැල් බැඳගෙන සුහදව කටයුතු කිරීමට උත්සුක වූ ඔවුන් එය අසාර්ථක වූ විට සාමකාමීව මදිනාව බලා සංක්‍රමණය වූහ.

මදිනාවට සංක්‍රමණය වීමෙන් පසුව ද ආගම් ජාති කුල භේද ඉක්මවා, සංකේතාත්මක වෙනස්කම් ඉක්මවා සමස්තයක් වශයෙන් මදිනාවෙහි ජීවත් වූ ජනතාවගේ සමෘද්ධිය උදෙසා ව්‍යවස්ථාවට අනුගතව නීත්‍යානුකූලව සාධාරණත්වය සහ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇත.

කුඩා ගම්මානයක් තුළ බිහිවෙමින් අවුරුදු 65ක කෙටි කාල පරිච්ඡේදයක් තුළ අධිරාජ්‍යයක් බවට වර්ධනය වෙමින් ලෝ බලවතෙකු බවට පත්වන්නා තරම් ඉමහත් ජයග්‍රහණයක් හිමිකරගත්තේ කෙසේද පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගැනීම කාලීන අවශ්‍යතාවයක් යන්න නිසැක ය.

රිනාස් ලරීෆ්

கருத்துகள்